ලංකාවේ කුළුබඩු කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී වෙබ් අඩවියක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

ලංකාවේ කුළුබඩු කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී වෙබ් අඩවියක්

ලංකාවේ කුළුබඩු කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී වෙබ් අඩවියක්

ශ්‍රී ලංකාවේ දේශීය කුළුබඩු පිළිබඳ තොරතුරු මෙන්ම, කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන අලෙවිසැල් 24 පිළිබඳ තොරතුරුද ඇතුලත්, "ශ්‍රී ලංකාවේ කුළුබඩු ආශ්‍රිත පළමු නිල වෙබ් අඩවිය" පසුගියදා එළිදැක්විණි.

 

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින්, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කුළුබඩු නිෂ්පාදකයන්ගේ ගුණාත්මක නිෂ්පාදන, දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපළ වෙත ගෙනයාමේ අරමුණ ඇතිව මෙම වෙබ් අඩවිය නිර්මාණය කරන ලද බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙම වෙබ් අඩවිය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වෙමින් ප්‍රකාශ කොට සිටියේය.

 

මාර්ගගත ක්‍රමය හරහා (Online) ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයකට කුළුබඩු නිෂ්පාදන ගෙන්වා ගැනීමේ හැකියාව මෙම වෙබ් අඩවිය හරහා ජනතාවට හිමි වන අතර, ඉදිරියේදී විදේශගත ගැණුම්කරුවන්ට ද මාර්ගගත ක්‍රමය ඔස්සේ කුළුබඩු නිෂ්පාදන මිලදී ගැනීමට මේ ඔස්සේ අවස්ථාව හිමි වන බව වාර්තා වේ.

 

www.spicelk.com යන වෙබ් ලිපිනය ඔස්සේ ඔබට දැන් මෙම වෙබ් අඩවියට ඇතුළු විය හැකිය.

views

241 Views

Comments

arrow-up