"PC එක හොඳටම Slow වෙලා මොකද කරන්නේ " - බිනෝලිගෙන් IT Tips - 03

Intel Core i3 Processor සහිත පරිගණකයක් තිබේ. මෙහි RAM ධාරිතාවය ගිගාබයිට් 8 (8 GB)ක පරිගණකය පණ ගන්වා යම් තරමක වේලාවක් ගත වන තෙක් මෙය හොඳ වේගයකින් ක්‍රියාත්මක වුවද ඉන්පසුව බොහෝ සෙයින් මන්දගාමී වෙයි. මෙහෙයුම් පද්ධතිය අලුතින් install කළ ද දෝෂය එසේමය. මෙම දෝෂයට විසඳුම කුමක්ද?
මෙයට හේතුව වන්නේ ප්‍රොසෙසරය සිසිල් කිරීමේ දෝෂයයි. ඉන්ටෙල් ප්‍රොසෙසරයක් රත් වන විට එහි ආරක්ෂාව සඳහා Clock Speed එක අඩු වෙයි. මුලින් පරිගණකය පණ ගැන්වූ විට Processor සිසිල්ව ඇති නිසා එය වේගයෙන් වැඩ කරයි.
දෝෂය සමනය කර ගැනීම සඳහා මුලින්ම කළ යුත්තේ System Unit එකෙහි කවරය ගලවා Fan සහ Heat Sink එකෙහි දූවිලි බැඳී ඇත්නම් බ්ලෝවරයක් අල්ලා ඒවා ඉවත් කිරීමයි. මෙහිදී Fan සහ Heat Sink එක ප්‍රොසෙසර් එකෙන් වෙනමම ගලවා දූවිලි ඉවත් කිරීම වඩාත් හොඳය.
එවිට Heat Sink එක සහ Fan එකෙහි කොටස් හොඳින් පිරිසිදු කර ගත හැකිය. ඉන් පසුව Heat Sink Compound ප්‍රමාණයක් ප්‍රොසෙසරය මත යෙදීමෙන් නැවත Fan සහ Heat Sink එක සහිත ඒකකය සවි කර ගත යුතුය. මෙවරත් දෝෂය තිබේනම් Fan එක දෝෂ සහිතය.එනිසා හොඳ තත්ත්වයේ ප්‍රොසෙසර් Fan එකක් සවි කළ යුතුය.
260 Views
Comments