තර්ස්ටන් - ඉසිපතන වාර්ෂික ක්‍රිකට් ගැටුම මෙවරත් ජය පැරදුමෙන් තොරයි

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර 60 වන වරටත් පැවැති "සහෝදරයන්ගේ සංග්‍රාමය" ලෙස හඳුන්වන වාර්ෂික ක්‍රිකට් තරගය ජය පරාජයකින් තොරව නිමාව දුටුවේය.
තරගයේ කාසිය වාසිය දිනු ඉසිපතන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සදහා තර්ස්ටන් කණ්ඩායමට ආරාධනා කළ අතර, පන්දුවට පහර දුන් තර්ස්ටන් කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 186 ක් රැස් කර ගන්නා ලදී.
එයට පිළිතුරු වශයෙන් ඉසිපතන විද්‍යාලය සියලු දෙනා දැවී ලකුණු 211 ක් රැස් කර ගන්නට සමත් වූ අතර, තරගය අවසාන වන විට තර්ස්ටන් විද්‍යාලය සිය දෙවන ඉනිම සඳහා කඩුළු දෙකක් දැවී ලකුණු 140 ක් රැස් කරගෙන සිටියේය.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් තර්ස්ටන් කණ්ඩායමේ නායක ශාණික්‍ය දේශප්‍රිය තරගය අවසන් කරන විට නොදැවී ලකුණු 53 ක් රැස්කරගෙන සිටියේය.
183 Views
Comments