සිංහ කිවි යුවතියන්ගේ ගැටුම අද

අද (19) ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගීවන තවත් තරගයක් පැවැත්වේ. එම තරගය රාත්‍රී 10.30 ට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගාවලියේ සහභාගී වූ තරග තුනෙන් දෙකක් ජය ගැනීමට සමත් විය.
ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම මේ වන විට පළමු කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්ව ඇති අතර එහි දෙවන තැන හිමිව ඇත්තේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමටයි. මේ අතර, දෙවන කාණ්ඩය යටතේ අද පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර තරගය ද පැවැත් වේ.
201 Views
Comments