ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තවත් ජයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
13

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තවත් ජයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තවත් ජයක්

20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ (12) බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති තරඟයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.

 

පළමුව පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 126ක් රැස් කිරීමට සමත්විය.

 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 2ක් තුළ කඩුලු 03ක් පමණ දැවී  ලකුණු 129ක් රැස් කිරීමට සමත් විය.

 

ඒ අනුව එම තරඟයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.

 

මෙම ජයත් සමඟ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

 

views

250 Views

Comments

arrow-up