නවසීලන්ත ක්‍රිකට් සංචාරයට නව මුහුණු දෙකක්.
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

නවසීලන්ත ක්‍රිකට් සංචාරයට නව මුහුණු දෙකක්.

නවසීලන්ත ක්‍රිකට් සංචාරයට නව මුහුණු දෙකක්.

මාර්තු මාසයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්තය තරග සංචාරය අතරතුර ශ්‍රී ලංකාව ටෙස්ට් තරග දෙකකට මුහුණ දීමට නියමිත වේ.

 

එම ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට නම් කර තිබේ.ඊට නවක ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ නම් යෝජනා වී ඇතැයි වාර්තා වන අතර ඒ නිෂාන් මදුෂ්ක සහ මිලාන් රත්නායක යන දෙදෙනායි.

 

මෙවර පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූයේ නිෂාන් මදුෂ්කයි. ඔහු පසුගියදා එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවති පළමු නිල නොවන ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක්ද වාර්තා කිරීමට සමත් විය.

 

මිලාන් රත්නායක ද මෙවර පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේදී දස්කම් දැක්වූ වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන අතර ඔහු මේ වනවිට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ක්‍රීඩා කරයි. 

views

241 Views

Comments

arrow-up