JAN
31
හතුරුසිංහ ආයෙත් බංගලියන් ළඟට යයි

බංග්ලාදේශ එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක චන්දික හතුරුසිංහ මහතා නැවතත් පත් කරගෙන ඇති බව ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.
2014 සිට 2017 දක්වා හතුරුසිංහ මහතා එරට ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර පසුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය හොබවනු ලැබුවා.
පසුව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සහායක පුහුණුකරු ලෙස හතුරුසිංහ මහතා එක්වුණා.
185 Views
Comments