ඉන්දියාවට ජය

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තුනට බින්දුවක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් වී තිබෙනවා.
ඒ ඊයේ(24) පැවති තුන්වන සහ අවසන් තරගය ලකුණු 90 කින් ජය ගනිමිනුයි.
තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය ඉන්දියාවට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 385 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නවසීලන්තයට පන්දුවාර 41යි පන්දු දෙකක් තුළදී සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණ 295 ක් පමණයි.
214 Views
Comments