කුසල් ජනිත්, ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු තවත් කිහිපදෙනෙකු කැඳවයි

ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන "A" කණ්ඩායමේ තරග සඳහා කුසල් ජනිත් පෙරේරා ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙක් කැඳවා තිබේ.
ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ එළඹෙන නවසීලන්ත සංචාරය සඳහා සූදානම්වීමක් වශයෙන් එම ක්‍රීඩකයින්ව "A" කණ්ඩායම ට කැඳවා ඇති බවයි.
ඒ අනුව කුසල් ජනිත් පෙරේරා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, චාමික කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දුනිත් වෙල්ලාලගේ, සධීර සමරවික්‍රම, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුශාන්, නුවන් තුෂාර, කවිෂ්ක අන්ජුල, අවිශ්ක ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර ව නම්කර තිබේ.
234 Views
Comments