තිලකා යළිත් දැල්පන්දු පිටියට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
26

තිලකා යළිත් දැල්පන්දු පිටියට

තිලකා යළිත් දැල්පන්දු පිටියට

 

ලංකා දැල්පන්දු කණ්ඩායමේ නව ජාතික පුහුණුකාරිනිය ලෙස නැවත වරක් තිලකා ජිනදාස තේරී පත්ව තිබේ. ඒ පෙරේදා පැවැති ජාතික පුහුණුකරුවන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයෙනි.

 

 

මෙහිදී ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා හිටපු ජාතික පුහුණුකාරිනි සොමිතා ද සිල්වා, හිටපු ජාතික පුහුණුකාරිනි හයිසින්ත් විජේසිංහ සහ හිටපු ජාතික පුහුණුකාරිනියක සහ ඔලිම්පික් නියෝජනය කළ ක්‍රීඩිකාවක වන තිලකා ජිනදාස සහභාගි විය.

 

 

ඉකුත් සැප්තැම්බර් මාසයේදී ආසියානු කුසලාන දැල්පන්දු ශූරතාව ශ්‍රී ලංකාවට දිනාදීම වෙනුවෙන් පුහුණුකාරිනිය වශයෙන් කටයුතු කළ හයිසින්ත් විජේසිංහ නැවත ජාතික පුහුණුකාරීනි තනතුර සඳහා අයැදුම් කළ නමුත් පසුව ඇයගේ නාමයෝජනා ඉල්ලා අස්කරගත් බවට සඳහන් වේ.

views

205 Views

Comments

arrow-up