ක්‍රිකට් ආචාරධර්ම උල්ලංඝණය කළ රවීන්ද්‍ර ජඩේජා ට දඩ නියම වෙයි

ඕස්ට්‍රේලියාව සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ICC ආචාරධර්ම සංග්‍රහයට අනුව, ක්‍රීඩාවට පටහැනි හැසිරීම් ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් රවීන්ද්‍ර ජඩේජාට ක්‍රීඩා කළ තරග ගාස්තුවෙන් 25% ක දඩයක් නියම කිරීමට තරග තීරකවරයා කටයුතු කර තිබේ.
ඔහු පන්දු යවන අතේ මාපටැඟිල්ලේ ක්‍රීම් වර්ගයක් ආලේප කරන අයුරු තරගය අතරතුර දැකගත හැකි විය. ඕස්ට්‍රේලියානු මාධ්‍ය ඔහුට චෝදනා කළේ, පන්දුවේ පැහැය වෙනස් කිරීමට රවීන්ද්‍ර ජඩේජා උත්සාහ කරන බවට යි. රවීන්ද්‍ර ජඩේජා විසින් මොහොමඩ් සිරාජ්ගේ අතින් යම් ද්‍රව්‍යයක් ගෙන එය භාවිතා කරන ආකාරය වීඩියෝ දර්ශනවල දැකගත හැකි වුණි.
ඇතැම් විදෙස් මාධ්‍ය පවසන්නේ,එම අවස්ථාවේ ඔහුගේ අතේ පන්දුව තිබුණ ද කිසිම අවස්ථාවක ජඩේජා පන්දුව මත කිසිවක් තවරන ආකාරය දැකගත නොහැකි වූ බව ය. ජඩේජා පන්දු යවන අතේ, මාපට ඇඟිල්ලේ ඉදිමීමකට වේදනා නාශක ක්‍රීම් වර්ගයක් ආලේප කළ බව ඉන්දීය කණ්ඩායමේ නායකයා සහ කළමනාකාරීත්වය පවසයි. ඔහුට අදාළ දඩ මුදල පැනවීමට තීරණය කර ඇත්තේ රවීන්ද්‍ර ජඩේජා විසින් සිදු කළ එම ක්‍රියාව, පිටියේ විනිසුරුවරුන්ගෙන් අවසර නොගෙන සිදු කිරීමේ වරද මතයි.
ඕස්ට්‍රේලියාවට එරෙහි පළමු තරගයෙන්, ඉන්දියාවට ඉනිමක සහ ලකුණු 132 ක, විශිෂ්ට ජයක් හිමි විය. රවීන්ද්‍ර ජඩේජා, තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තේ ඕස්ට්‍රේලියා පළමු ඉනිමේ කඩුලු 05 ක් සහ, දෙවන ඉනිමේ කඩුලු 02 ක් බිඳ දමමිනි.
235 Views
Comments