දිනකට පසු අවසන් මහා තරඟය ආරම්භවේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

දිනකට පසු අවසන් මහා තරඟය ආරම්භවේ

දිනකට පසු අවසන් මහා තරඟය ආරම්භවේ

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය දිනකට පසු ඊයේ ආරම්භ වුණා. තරඟයේ පළමු දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දු යැවීමට තීරණය කළා.

 

ඒ අනුව සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දියාව දෙවන දිනය අයහපත් කාලගුණය නිසා නතර කරන විට කඩුලු‍ 3ක් දැවී ලකුණු 146 ක් රැස්කර ගෙන සිටියා.

 

විරාත් කෝලි නොදැවී ලකුණු 44ක් හා අජින්කෙයා රහනේ නොදැවී ලකුණු 29ක් රැස් කරගෙන සිටියා.

 

රෝහිත් ශර්මා ලකුණු 34 කුත් සුබ්‍රමනියම් ගිල් ලකුණු 28 කුත් රැස්කර ගත්තා.

 

තරඟයේ තුන්වන දිනය අදයි 


 

views

582 Views

Comments

arrow-up