මෙවර ඔලිම්පික් තරගාවලියට උපත් පාලන කොපු 160,000ක් නොමිලේ - භාවිතය තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
19

මෙවර ඔලිම්පික් තරගාවලියට උපත් පාලන කොපු 160,000ක් නොමිලේ - භාවිතය තහනම්

මෙවර ඔලිම්පික් තරගාවලියට උපත් පාලන කොපු 160,000ක් නොමිලේ - භාවිතය තහනම්

ජපානයේ ටෝකියෝ නුවර ජූලි මස 23 වනදා ආරම්භවීමට නියමිතව ඇති ඔලිම්පික් තරඟාවලිය වෙනුවෙන් එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා උපත් පාලන කොපු 160,000ක් නොමිලේ ලබා දීමට මෙවර ඔලිම්පික් සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

 

 

කෙසේ වුවත් සංවිධායකයින් පවසන්නේ එම උපත් පාලන කොපු තරඟාවලිය පැවැත්වෙන කාලසීමාව තුළ කිසිදු ක්‍රීඩික ක්‍රීඩිකාවකට භාවිතා කිරීමට අවසර ලබා නොදෙන බවයි.

 

 

සංවිධායකයින් වැඩිදුරටත් පවසන්නේ එලෙස ලැබෙන උපත් පාලන කොපු ඔලිම්පික් තරඟාවලිය අවසන් වූ පසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිහිවටනයක් ලෙස රැගෙන යාමට අවසර හිමිවන බවයි.

 

 

කොවිඩ් වසංගතය හේතුවෙන් තරඟාවලියට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශාරීරික වශයෙන් කිසිදු සබඳතාවක් පැවැත්වීමට අවසර ලබා නොදෙන අතර ඔලිම්පික් ගම්මානයේ රඳවන සියලු‍ දෙනා සමාජ දුරස්ථභාවය පිළිබඳව මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බවට ද සංවිධායකයින් පවසා සිටියා. 

 

 

කොවිඩ් වසංගතය පැතිරීම අවම කර ගැනීම සඳහා ප්‍රේක්ෂකයන් නොමැතිව තරඟාවලිය පැවැත්වීමට ජපාන සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබුණා.

 

 

කෙසේවෙතත් ඔලිම්පික් තරඟාවලියට දේශීය ප්‍රේක්ෂකයන් සහභාගි කරගන්නේ ද, නැද්ද යන්න පිළිබඳව අනිද්දා අවසන් තීරණයක් ගැනීමට සංවිධායක මණ්ඩලය සූදානම් වනවා. 

views

11456 Views

Comments

arrow-up