ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසාන මහා තරඟය අද ආරම්භවේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසාන මහා තරඟය අද ආරම්භවේ

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසාන මහා තරඟය අද ආරම්භවේ

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසාන මහා තරඟය අද එංගලන්තයේ සවුත්හැම්ටන්හිදී ආරම්භවේ. 

 


පළමුවරට පවත්වනු ලබන ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබා ගත්තේ නවසීලන්තය හා ඉන්දියාවයි.

 

ඒ අනුව එම තරඟය අද ශ්‍රී ලංකා වේලාවෙන් සවස 03ට ආරම්භ කිරීමට නියමිතයි.

 

ශූරතාවය හිමිකරගන්නා කණ්ඩායමට ඇ. ඩො. මිලියන 1.6ක් ද, අනුශූරතාවය ලබාගන්නා කණ්ඩායමට ඇ. ඩො. ලක්ෂ 08ක මුදලක්ද හිමි වන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.

 

තරඟය ජය පරාජයෙන් තොරව නිමාවුනහොත් සියලු මුදල සමසේ කණ්ඩායම් දෙක අතර බෙදීයන ලෙස පිරිනැමීමට නියමිතයි.

 

එමෙන්ම තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත් අමතර දිනයක් ලබා දීමටද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කොට ඇත.

views

703 Views

Comments

arrow-up