චෙන්නායි සුපර් කිංග්ස් පිලට විශිෂ්ඨ ජයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

චෙන්නායි සුපර් කිංග්ස් පිලට විශිෂ්ඨ ජයක්

චෙන්නායි සුපර් කිංග්ස් පිලට විශිෂ්ඨ ජයක්

ඩෙවොන් කොන්වේ විසින් පන්දු 57 කදී නොදැවී ලබා ගත් ලකුණු 77 හේතුවෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරදා කඩුලු 7 ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හැකි විය.

 

තරගයේ පළමුව පන්දුවට පහර දුන් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 134 ක් ලබාගත් අතර චෙන්නායි ක්‍රීඩකයෝ පන්දු වාර 18යි පන්දු 4 කදී කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය පසු කර ගියහ.

 

චෙන්නායි හිදී ඊයේ රාත්‍රී මෙම තරගය පැවැත්විණි.

 

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සහ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සන්රයිසස්  කණ්ඩායමට එරෙහිව එක් කඩුල්ල බැගින් දවා ගනිමින් දස්කම් දැක්වීමට සමත් වූහ.

 

මතීෂ පතිරණ එහිදී සිය පන්දු වාර 4 ලකුණු 22 කට සීමා කරමින් හෙන්රිච් ක්ලාසෙන් ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වූ අතර මහීෂ් තීක්ෂණ සිය පන්දු වාර 4 තුළදී ලකුණු 27 ක් ලබා දෙමින් නායක ඒඩ්න් මැක්‍රම් ගේ කඩුල්ල දවා ගත්තේය.

views

262 Views

Comments

arrow-up