අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පිලෙන් විශිෂ්ඨ ඉනිමක්

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ශ්‍රී ලංකා පිල කඩුලු 3 ක් දැවී ලකුණු 373 ක් රැස්කර ගැනීමට සමත්ව සිටී.
මෙම තරගයේදී කුසල් මෙන්ඩිස් සිය 8 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 140 ක් රැස් කරගැනීමට සමත්ව වූ අතර නිශාන් මධුෂ්ක ලකුණු 29 ක් සහ දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 176 ක් රැස් කොටගෙන සිටී.
ඇන්ජලෝ මැතිවුස් ලකුණු නොලබාම දැවී ගිය අතර කර්ටිස් කැම්පර් කඩුළු දෙකක් සහ ඇන්ඩි මැක්බ්‍රයන් එක කඩුල්ලක් බැගින් දවාගැනීමට සමත් විය.
236 Views
Comments