චන්දිමාල්ගෙන් අයර්ලන්තයට එරෙහිව අර්ධ ශතකයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

චන්දිමාල්ගෙන් අයර්ලන්තයට එරෙහිව අර්ධ ශතකයක්

චන්දිමාල්ගෙන් අයර්ලන්තයට එරෙහිව අර්ධ ශතකයක්

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග ඊයේ ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත් වී ඇත.

 

 

එය චන්දිමාල්ගේ ටෙස්ට් දිවියේ 26 වන අර්ධ ශතකය වේ.

 

 

තරගය ආරම්භ වීමෙන් පසුව පළමු කඩුල්ල ලෙස ප්‍රභාත් ජයසූරිය දැවී ගිය අතර Campher ගේ පන්දුවක් හමුවේ ලකුණු 16 කදී ඔහු දැවී ගියේය.

 

 

ඉන් අනතුරුව පිටියට පිවිසි ධනංජය ද සිල්වා ද ලකුණු 13 කදී McBrine විසින් යොමු කළ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට පිටියෙන් ඉවත් විය.

 

 

කෙසේ නමුත් මේ වනවිට පන්දුවට පහර දෙමින් පිටියේ රැඳී සිටින්නේ සදීර සමරවික්‍රම සමගින් දිනේෂ් චන්දිමාල් ය.

 

 

සදීර මේ වනවිට ලකුණු 31 රැස් කොට ඇති අතර ශ්‍රී ලංකා ඉනිම කඩුලු 6 ක් දැවී ලකුණු 468 ක් රැස් කරගෙන සිටී.

views

301 Views

Comments

arrow-up