APR
15
ශ්‍රී ලංකා - අයර්ලන්ත ටෙස්ට් තරගාවලිය නොමිලේ බලන්න අවස්ථාවක්

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය නොමිලේ නැරඹීමට ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව උදාවී ඇති බව වාර්තා වේ.
මෙම තරගය පැවැත්වෙන දිනවල දී ගාල්ල ක්‍රීඩාංගණයේ අංක 04 ගේට්ටුවෙන් ක්‍රීඩාලෝලීන්ට ක්‍රීඩාංගනයට ඇතුළු විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටී.
පළමු ටෙස්ට් තරගය හෙට (16) ආරම්භ වන අතර දෙවන ටෙස්ට් තරඟය අප්‍රේල් (24) වැනිදා ආරම්භ වීමට නියමිත වේ.
230 Views
Comments