අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පිලෙන් විශිෂ්ඨ ඉනිමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
16

අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පිලෙන් විශිෂ්ඨ ඉනිමක්

අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පිලෙන් විශිෂ්ඨ ඉනිමක්

සංචාරක අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ලේදී අද (16) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ශතක වාර්තා කිරීමට නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් සමත් වූ අතර පළමු දිනය නිමා වන විට පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා පිල කඩුලු 4 ක් දැවී ලකුණු 386 ක් රැස් කොටගෙන සිටී.

 

අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර මෙලෙස ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන්නේ ඉතිහාසයේ පළමු වරටයි.

 

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, නායක දිමුත් කරුණාරත්න සමගින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ නිෂාන් මදුෂ්ක ලකුණු 29ක් ලබා දැවී ගිය පසු පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් නායක දිමුත් කරුණාරත්න සමග එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 281ක සබඳතාවක් ගොඩනැගුවේය.

 

එම සබඳතාව ගාල්ල ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයක ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනැගුණු වැඩිම ලකුණු සබඳතාව ලෙස වාර්තා අතරට එක් වේ.

 

කුසල් මෙන්ඩිස් ලකුණු 140 ක් ලබා සිටියදී දැවී යාමෙන් පසු පිටියට පිවිසි ඇන්ජලෝ මැතුව්ස් හට එකදු ලකුණක්වත් රැස් කර ගැනීමට නොහැකි වූ අතර, නොදැවී පන්දුවට පහර දෙමින් සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 18ක් සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු 12 ක් ලබා සිටී.
 

views

295 Views

Comments

arrow-up