ඕස්ට්‍රේලියාවට එරෙහිව කෝලිගෙන් ශතකයක්

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය 27වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්ව තිබේ.
මීට ටික වේලාවකට පෙර තරගයේ සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 475ක් ලබා සිටි අතර සිය 27 වන ටෙස්ට් ශතකය වාර්තා කළ විරාත් කෝලී නොදැවී මේ වනවිට ලකුණු 138ක් ලබා සිටී.
ඉන්දීය ඉනිම වෙනුවෙන් ශුබ්මන් ගිල් ලකුණු 128ක් සහ ශ්‍රීකාර් භාරත් ලකුණු 44ක් රැස් කොට තිබුණි.
පළමු ඉනිම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 480ක් රැස් කර ගැනීමට සමත් වුණි.
183 Views
Comments