93 වන සුලෝහිත සංග්‍රාමය ජය පැරදුමෙන් තොරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
06

93 වන සුලෝහිත සංග්‍රාමය ජය පැරදුමෙන් තොරයි

93 වන සුලෝහිත සංග්‍රාමය ජය පැරදුමෙන් තොරයි

ඊයේ (5) දින කොළඹ ආනන්ද සහ නාලන්ද විදුහල් එක්වී සංවිධානය කර තිබු 93 වන සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

 


නාලන්ද විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දී  පළමු ඉණිමට කඩුලූ 5 ක් දැවී ලකුණු 280 ක් හිමිකර ගෙන සිටියදී ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ අවස්ථාව ආනන්ද විද්‍යාලයට ලබා දීමට කටයුතු කෙරිණි. 

 

ලකුණු රැස්කර ඇත්තේ කිත්මා සිත්මාල් විසින් ලකුණු 90 ක්, කාංචන ද ලිවේරා ලකුණු 43 ක් සහ නාලන්ද විද්‍යාලය වෙනුවෙන් ජනුල ඉන්දුසර ලකුණු 44 ක් ලෙසයි  බවත් වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ. 

 

ලකුණු 45 ක වාසියක් සමගින් දෙවැනි ඉනිම තුළ කඩුලු 5ක් දැවී ලකුණු 121 ක්  රැස්කරගත් නාලන්ද විද්‍යාලය ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ අවස්ථාව කොළඹ ආනන්ද විද්‍යාලයට ලබා දුන් බවට වාර්තා වේ.

 

කොළඹ ආනන්ද විද්‍යාලය සිය දෙවන ඉනිමට  කඩුලු 2 ක් දැවී ලකුණු 22 ක් හිමිකරගනිමින් තරගයේ නිමාව සනිටුහන් කර ඇත.

views

214 Views

Comments

arrow-up