මිද්දෙණිය ක්‍රීඩා සමාජ ලෙදර් පන්දු තරගාවලියේ ශූරතාව මැදමුලනට

මිද්දෙණිය ක්‍රීඩා සමාජය මගින් පාසල් දරුවන් වෙනුවෙන් ප්‍රථම වරට පවත්වනු ලැබූ 15 න් පහළ ලෙදර් පන්දු තරගාවලිය පසුගිය සෙනසුරාදා (25) දිනයේදී මිද්දෙණිය ජාතික පාසල් ක්‍රීඩාංගනයේ දී පැවැත් වු අතර මෙම අවස්ථාව සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති භානුක මහතා, ඇතුලු නිලධාරීන් කිහිප දෙනෙක් ද, මිද්දෙණිය පොලිස් ස්ථානාධිපතිතුමන්, ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති කුමාර මහත්මා සහ පොලිස් නිලධාරීන්, මිද්දෙණිය ක්‍රීඩා සමාජයේ සාමාජිකයින් සහ මිද්දෙණිය වෙළෙඳ සංගමයේ පිරිසක්ද එක්ව සිටියහ.
මෙම තරගාවලිය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසල් කිහිපයක් අතර සිව්කොන් තරගයක් ලෙස පැවැත්වූ අතර තරගාවලිය සඳහා මිද්දෙණිය ක්‍රීඩා සමාජ කණ්ඩායම, මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ විද්‍යාලය, කිරම ධම්මානන්ද මහා විද්‍යාලය සහ උතුරු කණුමුන්දෙණිය මහා විද්‍යාලය එක්ව සිටියහ. සමස්ත තරගාවලියේ ශූරතාවය මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ විද්‍යාලයට හිමිවූ අතර අනුශූරතාවය දිනාගත්තේ කිරම ධම්මානන්ද මහා විද්‍යාලයයි.
මේ අවස්ථාවට අදාල පාසල් වල විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, එම පාසල් වල දරුවන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටි අතර පාසල් දරුවන්ට ජාත්‍යන්තර තරගයක අත්දැකීම් ලබාදීම මෙම තරගාවලියේ මූලික අරමුණ වූ බව මිද්දෙණිය ක්‍රීඩා සංගමයේ ප්‍රධාන පුහුණුකරු නේලක මහතා කියා සිටියේය.
255 Views
Comments