කවිඳු නදීෂාන් එස් එස් සී පිලට ජය ගෙනෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

කවිඳු නදීෂාන් එස් එස් සී පිලට ජය ගෙනෙයි

කවිඳු නදීෂාන් එස් එස් සී පිලට ජය ගෙනෙයි

එස් එස් සී ක්‍රීඩා සමාජය, කවිඳු නදීෂාන්ගේ පන්දු යැවීමේ විශිෂ්ට දස්කම් හේතුවෙන් අන්තර් සමාජ අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල යූත් කණ්ඩාය සමග පැවති පළමු තරගයෙන් කඩුලු 9 ක ජයක් හිමි කර ගැනීමට සමත් විය.

 

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොවුන් ක්‍රීඩකයන් වෙනුවෙන් සංවිධානය කරන ලද දෙදින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කුරුණෑගල පළමු ඉනිම ලකුණු 176 කට සීමා කළ එස් එස් සී ක්‍රීඩකයෝ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 321 ක් රැස් කළෝය.ලකුණු 145 ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරඹූ කුරුණෑගල පිල ලකුණු 240 කට දැවී ගිය අතර, ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 96 ක ඉලක්කය කඩුල්ලක් දැවී තිබියදී සපුරා ගැනීමට එස් එස් සී පිලට හැකි විය.

 

මේ තරගයේදී කවිඳු නදීෂාන් පන්දුවෙන් දස්කම් දක්වමින් කුරුණෑගල පළමු ඉනිමේදී කඩුලු 6 ක් බිඳ දැමූ අතර දෙවැනි ඉනිමේදී කඩුලු 8 ක් දවා ගත්තේ සමස්ත තරගයේදී ලකුණු 116 කට කඩුලු 14 ක් ලෙසිනි.

views

201 Views

Comments

arrow-up