චමරි අතපත්තු අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් වල ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
15

චමරි අතපත්තු අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් වල ඉහළට

චමරි අතපත්තු අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් වල ඉහළට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම කාන්තා 20-20 ශ්‍රේණිගත කිරීම් නිකුත් කර තිබෙන අතර පිතිකරණ ලැයිස්තුවේ 9 වැනි ස්ථානයට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැමිණ සිටීම විශේෂත්වයකි.

 

මෙම ශ්‍රේණිගත කිරීම් දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 20-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා පදනම් කර ගනිමින් නිකුත් කර ඇත.

 

පිතිකාරියන් ලැයිස්තුවේ මීට පෙර චමරි අතපත්තු පසු වූයේ, 10 වැනි ස්ථානයේය.

 

හර්ෂිතා සමරවික්‍රම ආරම්භක පිතිකාරියක් වශයෙන් ස්ථාන 9 ක් ඉදිරියට පැමිණෙමින් 43 වැනි ස්ථානයට පත් ව සිටී.

 

එමෙන්ම, පන්දු යවන්නියන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකා ඉනෝකා රණවීර 10 වැනි ස්ථානයට පත් වීමට සමත්වීම ද විශේෂත්වයකි.

views

216 Views

Comments

arrow-up