ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තියුණු ජයක්

20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරඟය ඊයේ (10) දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැත්වුණි.
එම තරඟයෙන් ලකුණු 03ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 129ක් රැස් කිරීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 126ක් පමණි.
ඒ අනුව එම තරඟයෙන් ලකුණු 03ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
211 Views
Comments