FEB
05
2023 ආසියානු කුසලානයේ සත්කාරකත්වය කාටද?

මෙම වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයෙන් ඉවත් කර වෙනත් රටකට ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඒ ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දේශපාලන අර්බුදය හේතුවෙන් ඉන්දීය කණ්ඩායම පාකිස්ථානයේ සංචාරය කිරීමට අකමැත්ත පළ කිරීම හේතුවෙනුයි.
කෙසේවෙතත් තරගාවලියේ සත්කාරකත්වය පසුගිය වසරේ සත්කාරකත්වය ඉසිලූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හිමිවීමේ වැඩි සම්භාවිතාවයක් පවතිනවා.
201 Views
Comments