ඉන්දීය ක්‍රිකට් යුවතියෝ ලෝක කුසලාන අවසන් පූර්ව වටයට

පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට ඉන්දීය කණ්ඩායම සුදුසුකම් ලබා ගෙන තිබේ. ඒ, අයර්ලන්තයට එරෙහි තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 5 කින් ජය ගනිමිනි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 155 ක් රැස් කළාය. එය දකුණු අප්‍රිකාවේ ශාන්ත ජෝර්ජ් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුයේ, පිළිතුරු ඉනිම පන්දුවට පහරදුන් අයර්ලන්තය පන්දුවාර 8 යි පන්දු 2 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 54 ක් රැස් කරගෙන සිටියදී ය. ඒ අනුව ඉන්දීය කණ්ඩායම ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව තරගය ජය ගත්තේ ලකුණු 5 කිනි. එම ජයග්‍රහණයත් සමග දෙවැනි කාණ්ඩයෙන් ඉන්දීය කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
204 Views
Comments