යොවුන් මළල ක්‍රීඩා කණ්ඩායමේ තෝරා ගැනීම් අද සහ හෙට

අද (21) සහ හෙට (22) දෙදින හෝමාගම – දියගම පිහිටි මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා යොවුන් මළල ක්‍රීඩා කණ්ඩායම තෝරා ගැනීමේ අවසන් පරීක්ෂණය පැවැත්වීමට සංවිධායකයන් වන ශ්‍රී ලංකා මළල ක්‍රීඩා ආයතනය පියවර ගෙන තිබේ.
ඒ සඳහා අයදුම්පත් භාර ගැනීම පෙබරවාරි 10 දක්වා සිදු කෙරෙන අතර බාලක සහ බාලිකා තරග ඉසව් වෙනුවෙන් දක්ෂතා සපිරි ක්‍රීඩක ක්‍රීඩීකාවන් තෝරා ගැනීම මෙහිදී සිදු කිරීමට පියවර ගෙන ඇත. මේ සදහා 2006 සහ 2007 යන දෙවසර තුළ උපත ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් සහභාගි වේ. උස්බෙකිස්ථානයේ දී අප්‍රේල් මස 20, 21, 22, 23 පැවැත්වෙන ආසියානු යොවුන් ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි කරවන ශ්‍රී ලංකා යෞවන කණ්ඩායම තෝරා ගැනීම මෙම පරීක්ෂණය ආශ්‍රිතව සිදු කෙරේ.
170 Views
Comments