ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට දින නියම වෙයි

ලබන මැයි මස 20 වන දින පැවැත්වීමට සූදානම් කර තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය හරහා 2023/ 2025 යන වර්ෂයන්ට අදාලව නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට නියමිතව ඇත.
මෙවර නිලවරණය සඳහා ත්‍රිපුද්ගල නිලවරණ කමිටුව විසින් නාමයෝජනා බාර ගත් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටී.
මෙම ත්‍රිපුද්ගල කමිටු සාමාජික ලෙස විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමලත් රාජ්‍ය නිලධාරියෙකු වන සුනිල් සිරිසේන යන අය ඇතුළත් බවත් වැඩිදුරටත් වාර්තා වේ.
මෙම නාම යෝජනා භාර ගැනීම ඊයේ උදෑසන 9:30 ට ආරම්භ වූ අතර සවස 03:30 ට අවසන් වී ඇති බවද වාර්තා වේ.
220 Views
Comments