හතළිස් වියැති ඇන්ඩර්සන්ගෙන් නව ක්‍රිකට් වාර්තාවක්

එංගලන්ත වේග පන්දු යවන වයස අවුරුදු 40 ක් වන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ලොව ටෙස්ට් පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් හි අංක 01 ස්ථානයට පත්ව ඇත. ටෙස්ට් පන්දු යවන්නන් අතර මීට පෙර අංක 1 ස්ථානයට පැමිණි වයස්ගතම ක්‍රීඩකයා වූ ක්ලැරී ග්‍රිමට් 1936 වසරේදී එම දක්ෂතාවය දක්වා තිබුණි.
ඒ වන විට ක්ලැරී ග්‍රිමට් ගේ වයස අවුරුදු 44 ක් විණි. මේ අවස්ථාව ඇන්ඩර්සන් ලොව හොඳම ටෙස්ට් පන්දු යවන්නා බවට පත්වූ හය වෙනි අවස්ථාව ලෙස සඳහන් වේ.
ටෙස්ට් තරග 178 කදී ඇන්ඩර්සන් මේ වන විට කඩුලු 682 ක් දවාගෙන තිබේ. ඔහුට වඩා ඉදිරියෙන් සිටින්නේ කඩුලු අටසීයක් දවාගත් ශ්‍රී ලාංකික මුත්තයියා මුරලිදරන් සහ කඩුලු 708 ක් දවා ගත් ෂේන් වෝන් පමණි.
194 Views
Comments