FEB
17
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ප්‍රිත්වි රසිකයන් සමග අවුලක පැටලෙයි

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ප්‍රිත්වි ෂෝ සහ ඔහුගේ රසිකයන් කිහිපදෙනෙකු අතර ගැටුමක් හට ගෙන තිබේ. මුම්බායිහි සුඛෝපභෝගී හෝටලයක පැවැති සාදයක් අතරතුර එම රසිකයන් ඔහු සමග සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සාහ කිරීමත් සමග මෙම ගැටුම හටගෙන ඇතැයි වාර්තා වේ.
ගැටුම අතරතුර බේස්බෝල් පිතිද භාවිත වී තිබූ බව වාර්තා වෙයි.
ඒ අනුව, ප්‍රිත්වි ට සහ ඔහුගේ මිතුරන්ට පහරදී ඔහු ගෙන් ඉන්දීය රුපියල් 50,000 ක කප්පමක් ඉල්ලීම සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
214 Views
Comments