බංග්ලාදේශ ක්‍රීඩිකා ෂොහේලි අක්තර්ට චෝදනා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

බංග්ලාදේශ ක්‍රීඩිකා ෂොහේලි අක්තර්ට චෝදනා

බංග්ලාදේශ ක්‍රීඩිකා ෂොහේලි අක්තර්ට චෝදනා

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වංචා හා දූෂණ විමර්ශන ඒකකය මගින් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවක් පිළිබඳ පරීක්ෂණයක් අරඹා තිබේ.

 

එයට හේතු වී ඇත්තේ තරග පාවා දීමේ සැළසුමක් පිළිබඳ හෙළිදරව් වීමකි.

 

ක්‍රීඩිකා ෂොහේලි අක්තර් විසින් මෙවර ලෝක කුසලානය නියෝජනය කරන බංග්ලාදේශ කණ්ඩායමේ ලතා මණ්ඩල් නම් ක්‍රීඩිකාවට තරග පාවා දෙන ලෙස යෝජනා කරන හඬපටයක් පසුගිය දිනවල විදෙස් මාධ්‍ය තුළ සීඝ්‍රයෙන් පැතිර ගිය අතර සිද්ධිය හෙළිදරව් වීමත් සමග බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත කරන ලද පැමිණිල්ලක් මත මෙම ක්‍රීඩිකාවට එරෙහිව පරීක්ෂණ ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

views

199 Views

Comments

arrow-up