බන්දුල වර්ණපුර අනුස්මරණ ශූරතාව අර්ජුන රණතුංගගේ කණ්ඩායම විසින් දිනා ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

බන්දුල වර්ණපුර අනුස්මරණ ශූරතාව අර්ජුන රණතුංගගේ කණ්ඩායම විසින් දිනා ගනී

බන්දුල වර්ණපුර අනුස්මරණ ශූරතාව අර්ජුන රණතුංගගේ කණ්ඩායම විසින් දිනා ගනී

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතා වෙනුවෙන් සංවිධානය කර ඇති බන්දුල වර්ණපුර අනුස්මරණ අභියෝගතා කුසලාන 20 -20 ක්‍රිකට් තරගයේ ජය හිමිකර ගැනීමට අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් තරග කළ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ ක්‍රීඩා පදනමේ ප්‍රවීණයෝ සමත් වුහ.

 

මෙම තරගය වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේ පැවති අතර අර්ජුනගේ කණ්ඩායම හමුවේ වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් ප්‍රවීණයන්ගේ කණ්ඩායම ලකුණු 20 කින් පරාජයට පත්විය.

 

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕල්කට් ක්‍රීඩා පදනමේ ප්‍රවීණයෝ ඕවර 20 කදී කඩුලූ 5 කට ලකුණු 141 ක් රැස් කළ අතර පිළිතුරු ලෙස ඈෂ්ලි රත්නායකගේ නායකත්වයෙන් ක්‍රීඩා කළ වෙළෙඳ සේවා ප්‍රවීණයන්ට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 121 ක් පමණි.

views

244 Views

Comments

arrow-up