ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද නවසීලන්තය බලා පිටත්ව යයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද නවසීලන්තය බලා පිටත්ව යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද නවසීලන්තය බලා පිටත්ව යයි

එක්දින සහ පන්දුවාර විස්ස තරග ටෙස්ට් තරගාවලියක් සදහා  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (27) අලුයම නවසීලන්තය බලා පිටත්ව ගොස් තිබේ.

 

මෙම තරගාවලිය සදහා ක්‍රීඩකයන් 17 දෙනෙක් සහ නිලධාරීන් 12 දෙනෙක් පිටත්ව ගොස් තිබෙන අතර ටෙස්ට් තරග 02 ක් , එක්දින තරග 03 ක් සහ පන්දුවාර 20 තරග 03 ක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිතයි.

 

ලෝක ශූරතා ටෙස්ට් තරඟාවලිය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරඟ දෙකක් සහ ලෝක කුසලාන තරඟාවලි සඳහා සුදුසුකම් ලැබීමේ  තරඟ ලෙස පැවැත්වෙන එක්දින තරඟ තුනක් සඳහා මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිතයි. 

views

187 Views

Comments

arrow-up