12 වන ආරක්ෂක සේවා දැල්පන්දු ශූරතාවය නාවික හමුදා පිළ හිමිකර ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

12 වන ආරක්ෂක සේවා දැල්පන්දු ශූරතාවය නාවික හමුදා පිළ හිමිකර ගනී

12 වන ආරක්ෂක සේවා දැල්පන්දු ශූරතාවය නාවික හමුදා පිළ හිමිකර ගනී

මාර්තු 01 වන දින සිට 03 වන දින දක්වා වැලිසර නාවික පරිශ්‍රයේ කොමාන්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ත ක්‍රීඩාගාරයේදී 12 වන ආරක්ෂක සේවා දැල් පන්දු තරගාවලිය පැවැත්වුණි.

 

එහිදී යුද හා ගුවන් හමුදා කණ්ඩායම් පරාජය කරමින් නාවික හමුදා කණ්ඩායම, 12 වන ආරක්ෂක සේවා දැල් පන්දු ශූරතාවය දිනා ගැනීමට සමත් විය.


 
මාර්තු මස
01 වන යුද හමුදාව සහ නාවික හමුදාව අතර පැවති තරගය ලකුණු 49-59 ක් ලෙස නාවික හමුදා කණ්ඩායමද, මාර්තු 03 වන නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර පැවති තරගය 49-46 ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම ද ජය ගත් අතර තරගාවලියේ සමස්ථ ලකුණු සටහන අනුව ශූරතාවය නාවික හමුදා කණ්ඩායම විසින් දිනා ගැනීමට සමත් විය.


 
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධායකත්වයෙන් පැවැත්වුන මෙම තරඟාවලියේ අවසන් තරඟයේ ප්‍රධාන ආරාධිතයා ලෙස බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා සහභාගී වූ අතර එහිදී ජයග්‍රාහක කණ්ඩායම වෙත කුසලානය, පදක්කම් සහ සහතික පිරිනැමීම ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි.


 
ඒ අනුව මෙම තරගාවලියේ දක්ෂතම මැද පෙළ ක්‍රීඩිකාව ලෙස නාවික හමුදා කණ්ඩායමේ සාමාන්‍ය කාන්තා නැවි එච්.එම්.එස්.ආර් වෙලගෙදර තේරි පත් විය.

 

තරඟාවලියේ දැල් පන්දු රැජින ලෙස නායක කාන්තා නැවි බීඑච්එල් මෙන්ඩිස් විසින් ප්‍රධාන ආරාධිතයා වෙතින් කිරුළු පළදින ලදි.


 
තවද මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු රොෂාන් අතුකෝරල ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, කාන්තා නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් හා  සෙසු නිලයන් පිරිසක් සහභාගී වී සිටියහ.

views

280 Views

Comments

arrow-up