නවසීලන්ත සංචාරයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නම් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
26

නවසීලන්ත සංචාරයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නම් කෙරේ

 නවසීලන්ත සංචාරයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නම් කෙරේ

මේ වන විට නවසීලන්තය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින සහ පන්දුවාර 20 - 20  ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 - 20  සංචිතයන් නම් කර තිබේ.

 

21 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සඳහා ආබාධයන්ට ගොදුරු ව ක්‍රිකට් පිටියෙන් ඉවත්ව මේ වන විට පූර්ණ සුවය ලබා සිටින දුෂ්මන්ත චමීර එක්දින සහ පන්දුවාර විස්ස සංචිතයටත්, කුසල් ජනිත් පෙරේරා පන්දුවාර 20 - 20 සංචිතයටත් ඇතුළත් කර ඇති බවට ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග මගින් වාර්තා වේ. මීට අමතරව ශ්‍රී ලංකා එක්දින සංචිතයට ඇන්ජලෝ මැතිව්ස් ද යළි කැඳවා තිබීම කැපී පෙනේ.

 

නවසීලන්ත එක්දින සහ පන්දුවාර 20 - 20 තරගාවලියට එක් වන ශ්‍රී ලංකා සංචිතය වන්නේ පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක, නුවනිදු ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, වනිදු හසරංග, දුනිත් වෙල්ලාලගේ , මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ලහිරු කුමාර, ඩිල්ෂාන් මදුශංඛ,චාමික කරුණාරත්න සහ දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයන්ය.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙතෙක් ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 - 20 සංචිතයත් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම අද රාත්‍රියේ නවසීලන්තය බලා පිටත් වීමට සැලසුම් කර ඇත.

views

183 Views

Comments

arrow-up