JAN
16
ශ්‍රී ලංකා යෞවනියන්ට පරාජය

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති තරගයෙන් බංග්ලාදේශයට ලකුණු 10 ක ජයක් හිමි වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු දෙකක් දැවී ලකුණු 165 ක් රැස්කර ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට් පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 155ක් පමණයි.
198 Views
Comments