පළමු එක්දින තරඟයෙන් ඉන්දියාවට ලකුණු 67ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ගුවහාටිහිදී ඊයේ(10) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් ඉන්දීය ක්‍රීඩකයෝ ලකුණු 67 ක ජයක් ලැබීමට සමත් වූහ.
ලකුණු 374ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිලට ඕවර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී රැස් කළ හැකිවූයේ ලකුණු 306 පමණි.
ඉන්දියාව ඕවර 50 යෙදී කඩුලු 7 ට 373
(රෝහිත් ශර්මා 83 ශුබ්මන් ගිල් 70, විරාට් කෝලි 113, ලෝකේෂ් රාහුල් 39, කසුන් රාජිත 88/3)
ශ්‍රී ලංකාව ඕවර 50 දී කඩුලු 8 ට 306
(පැතුම් නිස්සංක 72, චරිත් අසලංක 23, ධනංජය ද සිල්වා 47, දසුන් ශානක නොදැවී 108, මොහොමඩ් සිරාජ් 30/2, උම්රාන් මලික් 57/3)
234 Views
Comments