ශ්‍රී ලංකාවට ලකුණු 16ක ජයක්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තරඟ 3කින් යුත් 20යි 20 ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය අද (05) පැවැත්වුණි.
එම තරඟයෙන් ලකුණු 16ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 206ක් රැස් කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක දසුන් ශානක ලකුණු 56ක් ද කුසල් මෙන්ඩිස් ලකුණු 52ක් ද චරිත් අසලංක ලකුණු 37ක් ද රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේ දී ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් Umran Malik කඩුලු 3ක් ද Axar Patel කඩුලු 2ක් ද බිඳ හෙලීමට සමත් විය.
ඒ අනුව ජයග්‍රාහී ලකුණු 207ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 190කි.
ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් Axar Patel ලකුණු 65ක් ද Suryakumar Yadav ලකුණු 51ක් ද Shivam Mavi ලකුණු 26ක් ද රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක, කසුන් රාජිත හා දිල්ෂාන් මදුශංක කඩුලු 2ක බැගින් බිඳ හෙලීමට සමත් විය.
ඒ අනුව මෙම තරඟය ජය ගැනීමත් සමඟ තරඟ 3කින් යුත් 20යි 20 ක්‍රිකට් තරඟාවලිය තරඟ 1-1ක් ලෙස සම කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.
221 Views
Comments