පාපන්දුවේ විශිෂ්ටයා සමුගනී
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
30

පාපන්දුවේ විශිෂ්ටයා සමුගනී

පාපන්දුවේ විශිෂ්ටයා සමුගනී

පාපන්දු ලෝකයේ රජු ලෙස විරුදාවලිය ලැබූ බ්‍රසීලයෙන් බිහිවුනු විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා වන පේලේ හෙවත් Edson Arantes do Nascimento ඊයේ(29) දින ජීවිතයෙන් සමුගෙන තිබේ. 

 

මියයන විට ඔහු 82 වන වියෙහි පසුවිය.

 

තම පාපන්දු දිවිය තුල ජාත්‍යන්තර පාපන්දු ගෝල 767ක් ඇතුලු සමස්ත ගෝල 1279ක් වාර්තා කර ඇති ඔහු FIFA පාපන්දු ලෝක කුසලාන 3ක් බ්‍රසීලයට රැගෙනවිත් තිබේ.

 

එමෙන්ම IFFHS වාර්තා අනුව සහශ්‍රයේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙසත් ඔලිම්පික් කමිටු නිර්දේශය අනුව සියවසේ විශිෂ්ඨම ක්‍රීඩකයා ලෙසත් ඔහු අභිෂේක ලබා ඇත.

 

Time සගරාවට අනුව සියවසේ බිහිවූ ලොව වටිනාම පුද්ගලයන් 100 අතරටත් ඔහු නම් කර තිබේ

views

189 Views

Comments

arrow-up