DEC
23
තෙවැනි වරටත් LPL ශූරතාව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

තෙවැනි වතාවටත් ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාව දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ (23) සමත්විය.
ඒ කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවති අවසන් මහා තරඟයේ දී කලම්බු ස්ටාර්ස් කණ්ඩායම කඩුලු 2කින් පරාජය කරමිනි.
පළමුවෙන් පන්දුවට පහර දුන් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 163ක් රැස්කිරීමට සමත්විය.
ඒ අනුව ජයග්‍රාහි ලකුණු 164ක ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් තුළ කඩුලු 8ක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසුකර යාමට සමත් විය.
248 Views
Comments