ක්‍රොඒෂියාව ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ තෙවන ස්ථානයට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

ක්‍රොඒෂියාව ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ තෙවන ස්ථානයට

ක්‍රොඒෂියාව ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ තෙවන ස්ථානයට

2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ තෙවන ස්ථානය හිමිකර ගැනීමට ක්‍රොඒෂියාව අද (17) සමත්විය.

 

ඒ මොරොක්කෝ කණ්ඩායම සමඟ තෙවන ස්ථානය සඳහා පැවති තරඟය ගෝල 2ට 1ක් ලෙස ජය ගැනීමත් සමඟයි.

 

තරඟයේ 07 වන මිනිත්තුවේ දී Josko Gvardiol විසින් ක්‍රොඒෂියා කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට සමත් විය.

 

තරඟයේ 42 වන මිනිත්තුවේ දී Mislav Orsic විසින් ක්‍රොඒෂියා කණ්ඩායම වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා කිරීමට සමත් විය.

 

මොරොක්කෝ කණ්ඩායම වෙනුවෙන් තරඟයේ 09 වන මිනිත්තුවේ දී Achraf Dari විසින් ගෝලයක් වාර්තා කිරීමට සමත් විය.

 

ඒ අනුව එම තරඟය ජයගත් ක්‍රොඒෂියාව 2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ තෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත්විය.

 

 

views

225 Views

Comments

arrow-up