එංගලන්තය පැරදූ ප්‍රංශය අවසන් පූර්ව වටයට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

එංගලන්තය පැරදූ ප්‍රංශය අවසන් පූර්ව වටයට

එංගලන්තය පැරදූ ප්‍රංශය අවසන් පූර්ව වටයට

2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයෙන් අවසන් පූර්ව වටයට පිවිසීමට ප්‍රංශය සමත්විය.

 

ඒ ඊයේ (10) එංගලන්ත කණ්ඩායම සමඟ පැවති අර්ධ අවසන් පූර්ව තරඟය ගෝල 2ට 1ක් ලෙස  ජය ගැනීමත් සමඟයි.

 

ප්‍රංශ කණ්ඩායම වෙනුවෙන් තරඟයේ 17 වන මිනිත්තුවේ දී A.Tchouameni විසින් පළමු ගෝලය ද තරඟයේ 78 වන මිනිත්තුවේ දී O.Giroud විසින් දෙවන ගෝලය ද වාර්තා කිරීමට සමත් විය.

 

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් තරඟයේ 54 වන මිනිත්තුවේ දී H.Kane විසින් දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට සමත් විය.

 

ඒ අනුව මෙම තරඟය ජය ගැනීමත් සමඟ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ප්‍රංශ කණ්ඩායම සමත්විය.

 

views

237 Views

Comments

arrow-up