ප්‍රංශය අර්ධ අවසන් පූර්ව වටයට

2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සුපිරි 16 දෙනාගේ තරඟ වටයෙන් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ප්‍රංශය සමත්විය.
ඒ ඊයේ (04) පෝලන්ත කණ්ඩායම සමඟ පැවති තරඟය ගෝල 3ට 1ක් ලෙස ජය ගැනීමත් සමඟයි.
ප්‍රංශ කණ්ඩායම වෙනුවෙන් තරඟයේ 44 වන මිනිත්තුවේ දී Oliver Giroud පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වූ අතර තරඟයේ 74 වන මිනිත්තුවේ දී සහ 90+1 වන මිනිත්තුවේ දී Kylian Mbappe විසින් තවත් ගෝල 2ක් වාර්තා කිරීමට සමත් විය.
පෝලන්ත කණ්ඩායම වෙනුවෙන් තරඟයේ 90+9 වන මිනිත්තුවේ දී Robert Lewandowski දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ගෝලයක් වාර්තා කිරීමට සමත් විය.
ඒ අනුව මෙම ජයත් සමඟ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ප්‍රංශ කණ්ඩායම සමත්විය.
208 Views
Comments