ආජන්ටිනාව අර්ධ අවසන් පූර්ව වටයට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
04

ආජන්ටිනාව අර්ධ අවසන් පූර්ව වටයට

ආජන්ටිනාව අර්ධ අවසන් පූර්ව වටයට

2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ආජන්ටිනා කණ්ඩායම සමත්විය.

 

ඒ ඊයේ (03) ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරඟය ගෝල 2ට 1ක් ලෙස ජය ගැනීමත් සමඟයි.

 

ආජන්ටිනාව වෙනුවෙන් තරගයේ 35 වන මිනිත්තුවේ දී ලයනල් මෙසී පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වූ අතර තරඟයේ 57 වන මිනිත්තුවේ දී ජූලියන් අල්වාරේස් දෙවන ගෝල‍ය වාර්තා කිරීමට සමත් විය.

 

තරඟයේ 77වන මිනිත්තුවේ දී ආජන්ටිනා මැදපෙළ ක්‍රීඩක එන්සෝ ෆර්නෑන්ඩස්ගේ අතින් වැරදීමකින් සිය දැල තුළට බෝලය යොමුවීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවට ගෝලයක් හිමිවිය.

 

මෙම ජයත් සමඟ ලබන සිකුරාදා පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ආජන්ටිනා කණ්ඩායම සමත්විය.

 

views

280 Views

Comments

arrow-up