ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ඇති දේශපාලන බලපෑම් ගැන අයි.සී.සී. අවධානයෙන් - සාමාජිකත්වයත් අහිමි වන ලකුණු
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
05

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ඇති දේශපාලන බලපෑම් ගැන අයි.සී.සී. අවධානයෙන් - සාමාජිකත්වයත් අහිමි වන ලකුණු

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ඇති දේශපාලන බලපෑම් ගැන අයි.සී.සී. අවධානයෙන් - සාමාජිකත්වයත් අහිමි වන ලකුණු

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) අවධානයෙන් පසුවන්නේ යැයි දැනුම් දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කර තිබේ.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ ක්‍රීඩා බලධාරියෙක් ක්‍රිකට් ආයතනයට කරන අඛණ්ඩ බලපෑම් පිළිබඳව අයි.සී.සී.යේ අවධානය යොමුවී ඇති බවත් අදාල නිලධාරියාගේ බලපෑම තව දුරටත් පැවතිය හොත් අයි.සී.සී.යේ ශ්‍රී ලංකා සාමාජිකත්වය අත්හිටුවීමට ඉඩ ඇති බවත්ය.

 

එසේ වුවහොත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරග, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අරමුදලක් ඇතුළු සියලුම අයිතිවාසිකම් අහිමිවන බව කී එම නිලධාරියා අන්තර්ජාතික ක්‍රිකට් සභාව අතුරු පාලන කමිටු පිළිනොගන්නා බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

views

258 Views

Comments

arrow-up