සිඩ්නි අධිකරණයෙන් ධනුෂ්කට දුන් අලුත්ම තීන්දුව
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

සිඩ්නි අධිකරණයෙන් ධනුෂ්කට දුන් අලුත්ම තීන්දුව

සිඩ්නි අධිකරණයෙන් ධනුෂ්කට දුන් අලුත්ම තීන්දුව

 

කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක දැනට පදිංචි වී සිටින නිවසින් ඉවත්ව තනි කාමරයක් සහිත මහල් නිවසකට යාමට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබා දී තිබෙනවා.

 

ඒ ඊයේ (16) ධනුෂ්ක ගුණතිලක අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගේ ඉල්ලීමක් මත මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

 

ධනුෂ්ක වෙනුවෙන් උදව් කිරීමට ඉදිරිපත් වූ පුද්ගලයෙකු නිවසේ ඔහු ජීවත් වීම හේතුවෙන් නීතිමය ක්‍රියාවලිය ඉතා දීර්ඝ එකක් වීම නිසා නව නිවසකට යාමට ඉඩ ලබා දෙන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

views

186 Views

Comments

arrow-up