ඉතිහාසයේ ක්‍රීඩකයෙකුට ලැබෙන වැඩිම වැටුප සමඟ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සෞදි අරාබියේ අල් නසාර් ක්‍රීඩා සමාජයට

සුපිරි පා පන්දු ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සෞදි අරාබියේ අල් නසාර් ක්‍රීඩා සමාජය සමග ගිවිසුමකට එළැඹ තිබේ.
ඒ අනුව 2025 වසර දක්වා ඔහු එම ක්‍රීඩා සමාජය සමඟ මෙලෙස ගිවිසුම් ගත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට ඉතිහාසයේ ක්‍රීඩකයෙකුට ලැබෙන වැඩිම වැටුප වන බ්‍රිතාන්‍ය පවුම් මිලියන 177ක වැටුපක් වාර්ෂිකව හිමිවනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණි.
තමා නව ක්‍රීඩා සමාජය සමඟ කටයුතු කිරීමට දැඩි උනන්දුවකින් පසුවන බව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සඳහන් කර තිබුණි.
273 Views
Comments