DEC
31
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යයි

ඉන්දීය තරඟ සංචාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (31) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.
ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් හා නිලධාරීන් 12 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (31) සවස 5.10ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 143 දරණ ගුවන් යානයෙන් මුම්බායි බලා පිටත්ව ගොස් තිබුණි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය එක් දින තරඟ 3කින් සහ 20යි 20 තරඟ 3කින් සමන්විත වේ.
216 Views
Comments