ඉන්දු - ශ්‍රී ලංකා විස්සයි විස්ස තරඟාවලියෙන් සුපිරි ක්‍රීඩකයා ඉවතට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
05

ඉන්දු - ශ්‍රී ලංකා විස්සයි විස්ස තරඟාවලියෙන් සුපිරි ක්‍රීඩකයා ඉවතට

ඉන්දු - ශ්‍රී ලංකා විස්සයි විස්ස තරඟාවලියෙන් සුපිරි ක්‍රීඩකයා ඉවතට

ආබාධයක් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඉදිරි විස්සයි විස්ස තරග තවත් ක්‍රීඩකයෙකුට අහිමිව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක Sanju Samson මෙලෙස ආබාධයකට ලක්ව ඇත.

 

ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගයේදී හතරේ සීමාව ආසනන්නයේදී ඔහු ආබාධයකට ලක්විය.

 

ඒ අනුව Sanju Samson වෙනුවට ඉදිරි විස්සයි විස්ස තරග ද්විත්වය සඳහා ඉන්දීය කණ්ඩායම විසින් නවක ක්‍රීඩකයෙකු කණ්ඩායමට කැඳවීමට නියමිත බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

මෙලෙස ඉන්දීය කණ්ඩායමට කැඳවා ඇත්තේ IPL තරගාවලියේ පන්ජාබ් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක Jitesh Sharma වයි.

 

ආබාධයකට ලක්වූ Sanju Samson මුම්බායි හි රැඳී සිට ඇති අතර මේ වනවිට ඉන්දීය කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් අද පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය සඳහා සහභාගී වීමට පූනේ වෙත පැමිණ තිබේ.

 

එම තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතය.

views

212 Views

Comments

arrow-up